ආරම්භයක් :👑📝♥️

පළකිරීම් කරනුයේ කොටස් වශයෙනි. 

හෙළ ඉතිහාසය පළමු කොටස.(01)

හැමෝටම තෙරුවන් සරණයි!.

            
                                   අප විසින් පළමුව සොයා ගත යුතු වනුයේ අපට ඉතිහාසයක් අවශ්‍ය ද යන්නයි.අප ඉතිහාසය දැනගත යුතු වනුයේ කුමක් වෙනුවෙන් ද ?.
ඔවු අපට ඉතිහාසයක් අත්‍යවශ්‍යයි. 
එය අප දැනගත යුතුවනුයේ, කෙනෙකු කෝ කන්ඩායම් සමඟ වාද විවාද කිරීමට නොව,අප අප විසින්ම නිවැරදි වීම සඳහා හා අපෙන් වසන් වූ,වසන් කළ අභිමානවත් ඉතිහාසයේ නිවැරදි සත්‍ය සමාජගත කීරීමටය.
ඔබ පමණක් නොව, ඔබේ ලේ ධාතුවෙන් මතු උපදින ඔබේම දරුවා හෝ සමාජයේ අනෙකුත් දරුවන් මෙන්ම අන් සියල්ලම දැනුවත් කිරීම උදෙසාය.
ඒ සඳහා ඔබ පළමුවෙන් නිවැරදි විය යුතුය යන්නයි මාගේ විශ්වාසය.

                                     අද සමාජයේ දරුවන්ගෙන්,ඇහුවොත් අප රටෙහි පළමු රජු කවුරුන්ද වග නිසැකවම ඔවුන්ගෙ පිළිතුර වනුයේ විජය රජු යන්නයි.ඒ විතරක් නොව අප රටෙහි බහුතරයක් මිනිසුන්ගේද පිළිතුර වනුයේ එයමයි.
මෙන්න මේ සිදු වෙන මහා අපරාධය වැලැක්වීමට ඔබත් මමත් අපගේ හෙළ ඉතිහාසයේ සත්‍ය අසත්‍ය විමර්ශනය කොට ඉගෙනගත යුතුය.ඒ හෙයින් අපට ඉතිහාසය අත්‍යවශ්‍යය. 

අප හට විජය කුමාරයා ගැන එහෙමත් නැත්නම් විජය රජු ගැන ගැටලුවක් නැත.
නමුත් හෙළ ද්වීපයේ පළමු රජු ඔහු යැයි කියනවානම්, අන්න එහි ගැටලුවක් ඇත.
මන්ද,අපට ඉන් පෙර සිටම ප්‍රෞඩ ඉතිහාසයක් තිබූ බවට මෙරට ඕනෑ තරම් සාක්ෂි සාධක ඇත.
විජයාගමනයට පෙර ඉතිහාසය ගැන කතා කරන විට බොහෝ දෙනා නතර වනුයේ රාවණ ඉතිහාසය තුළය. මා විසින් ඔබට එම යෝජනාවද කරන්නේ නැත.
එයට හේතුවනම් අප විසින් ඉතිහාසය හොයන විට මුල් ආරම්භය සොයා එහි සිට කතා කල යුතු වේ....
එවිට අපට නිවැරදිව තේරුම් බේරුම් කරගෙන මේ සම්බන්ධව දැන ගැනීමට හැකි වේ....

 දැන් අප විසින් මුලින්ම බලමු මෙලොව පළමු රජු කවුරුන්ද වග එසේනම් අප ඔහු ගැන කතා කරමු .ඒ තමයි මේ ලෝකයේ පළමු රජු වනුයේ #_මහා_සම්මත_මනු_රජ.
මා විසින් පළමු කොටස විදියට මෙලෙස පලකිරීමක් කරනුයේ මෙය කියවන සියල්ලන් පැහැදිලිවන ආකාරයට කොටස් වශයෙන් පළකිරීමට ආරම්භයක් ගැනීම උදෙසාය.

එසේනම් අප මහා සම්මත මනු රජ පිළිබඳව දෙවන පළකිරීමෙන් බලමු....

පරිස්සමින් හැමෝම ඉන්න.
දළදා සමිඳු පිහිටයි !🌿,😊}

AGT keshara official's ~🌿🌸♥️✍

Popular posts from this blog

අවිද්‍යාවෙන් අන්ධ වූ ලොවක,

නොදත් ආරම්භය:♥️ {මහා සම්මත මනු රජ}

පැහැදිලි කිරීමක්.👑♥️