නොදත් ආරම්භය:♥️ {මහා සම්මත මනු රජ}

දෙවන කොටස.🌿🌸



මේ කොටසින් සම්පූර්ණ කළ නොහැකිනම් තවත් කොටසකින් සම්පූර්ණ කරනවා.🌿😕

හැමෝටම තෙරුවන් සරණයි!🌿♥️

#_මහා_සම්මත_මනු_රජු. 😻🌿

        අප විසින් පළමු කොටස අවසන් කරණුයේ මහා සම්මත මනු රජ යන මාතෘකාව යටතේ දෙවන කොටසින් කතා කිරීමට අරමුණු කොට ගෙනය.එසේනම් එලෙසින් ඔබට පොරොන්දු වූ පරිදිම දෙවන කොටස මෙසේ ඉදිරිපත් කරනවා. අපි දැන් බලමු කවුද මේ මහා සම්මත මනු රජ කියන්නේ කියල.

      
     
          මහා සම්මත මනු රජ කියන්නේ කිනම් කාලයකට අයත් කෙනෙකු ද ? ඇත්තටම මම ඔබට යම් පැහැදිලි කිරීමක් කරන්නම්. එවිට ඔබට සියල්ල පැහැදිලි වන බව මම විශ්වාස කරනවා.#_අරිසෙන්_අහුබුදු_ශූරීන් පවසන ආකාරයට මේ ලෝකයේ මුල් වරට,එහෙමත් නැත්නම් මේ ලෝකයේ සිටින ලද මිනිසුන්ගේ පළමු රාජකීය සම්ප්‍රාප්තිය තමයි මහා සම්මත මනු රජ කියලා කියන්නේ....සරල ආකාරයට කිව්වොත්, මේ ලෝකයේ මානවයාට පහළ වූ පළමු රජ තුමා තමයි මහා සම්මත මනු රජ කියන්නේ....ඇත්තටම අපට මෙම මහා සම්මත මනු රජ පිළිබඳව සොයා දැනගැනීමට අවශ්‍ය මූලාශ්‍ර ඇත්තේ කිනම් ආකාරයටද යන්න අපි බලමු.ඔබ ගන්න පැරකුම්බා සිරිත කියන පොත.ඒ පොතේ නම වෙනි කවිය බලන්න.එහි තියෙනවා මෙන්න මෙහෙම.

අතුරු කපැ පෙර උපන් බඹ පුත් 
විවස් වත් මනු රජ කුලෙන් පත
ඔකා වස් පුතු භානු මන්දතු
පසේ නදි සුදෙ සුන් බගී රථ

අපි මේ කවිය අමතක කරලා මෙහි පළමු කොටස ටිකක් බලමු.අතුරු කපැ පෙර උපන් බඹ පුත් විවස් වත් මනු රජ කුලෙන් පත,එහි අපි බලමු අතුරු කපැ කියන්නේ කුමක්ද ?.අතුරු කපැ කියන්නේ #_අන්තක්_කල්පය කියන එකයි...මා විසින් ආරම්භයේදී කී ආකාරයට මම මේ පැහැදිලි කිරීම කරගෙන යන විට ඔබට මහා සම්මත මනු රජ කිනම් කාලයකට අයත් කෙනෙකු ද ඒ වගේම අන්තක්කල්පය කියන්නේ කොතරම් කාලයක් ද කියන එකත් පැහැදිලි වෙයි. ඔන්න අතුරු කපැ කියන්නේ අන්තක්කල්පය කියන එකට.එය මතක තබාගන්න අවසානය දක්වා කියවන ඔබට පැහැදිලිව වැටහෙයි.එහෙනම් අප විසින් නැවත කවිය දෙසට හැරෙමු.අතුරු කපැ පෙර කියන්නේ අන්තක්කල්පයෙහි පූර්වයෙහි කියන එකයි.ඒ කියන්නේ පූර්ව අන්තක්කල්පයේ මුල.උපන් බඹ පුත් කියන්නේ මොකක්ද ? එයින් අදහස් වනුයේ මහා බ්‍රහ්මයාගේ පුත්‍රයෙකු හැටියට තමයි මේ මහා සම්මත මනු රජ කියන කෙනා.උපන් බඹ පුත් කියන්නෙහි අර්ථය එයයි.#_විවස්_වත්_මනු_රජ_කුලෙන්_පත, විවස් වත් කියලා මෙතන පවසන්නේ සූර්යාටයි. එහෙමත් නැත්නම් හිරුටයි. තේරෙන විදිහට කීවොත් දවල් දවසට පායන ඉරටයි. එතකොට,

සූර්යය වංශයෙන්,
සූර්යය ගෝත්‍රයෙන්, 
සූර්යය කුළයෙන්,  

පැව එන මනු රජුගේ රාජකීය පෙළපත පිළිබඳව සඳහන් තමයි ඒ කවියෙන් කියවෙන්නේ..

          දැන් ඔබට #_අන්තක්කල්පය කියන්නේ මොකක්ද කියලත් පැහැදිලි කළ යුතුය. ඇත්තටම අන්තක්කල්පය පිළිබඳව අපගේ ඉතිහාස සාක්ශි පෙන්වා දෙනුයේ #_අන්තක්කල්පය_යනු,එම කාල පරාසය මෙයයැයි, මෙසේයැයි, මෙපමණයැයි, කියා යම් සංඛ්‍යාවකින් කිව නොහැකියැයි යන්න ය.එසේම යම් සංඛ්‍යාවකින් කිව නොහැකි කාල පරාසයන් අපගේ සංස්කෘතියට අනුව සහ අපගේ බෞද්ධ ඉතිහාසයට අනුව,අපට යම් කිසි සංඛ්‍යාවකින් කිව නොහැකි,විසඳිය නොහැකි කාල පරාසයක් පිළිබඳව හෙළිදරවු කලේ උදාහරණ මගිනි.අන්න එහෙම අන්තක්කල්පය ගැනත් යම් උදාහරණයකින් පෙන්වා දී ඇත.ඒ තමයි,ඔබ සිතන්න මේ පෘථිවිය අඟලක් වර්ධනය වීමට,ඒ කියන්නේ මේ පොළොවේ පාෂාණ තට්ටුව අඟලක ප්‍රමාණයක් වර්ධනය වීමට ගත වන කාලය ලෙස සඳහන් වනුයේ #_වසර_දහසක්.එතකොට ඉතිහාසය පෙන්වා දෙනුයේ එලෙස මෙම පෘථිවිය #_එක්_යොදුන්_තුන්_ගව්වක් වර්ධනය වීමට ගත වන කාලය තමයි #අන්තක්කල්පය කියලා හඳුන්වන්නේ....එය තමයි අපගේ බෞද්ධ ඉතිහාසය සහ සංස්කෘතිය මගින් අන්තක්කල්පය සඳහා ගෙන හර පාන උදාහරණය.අද ගොඩක් සමහරක් දෙනෙක් එක්ක යොදුන් තුන් ගව්වක් ලෙස හඳුන්වනුයේ සැතපුම් දහසයක් (16 ) යන්නයි.එය සහ මුලින්ම වැරදිය.නිවැරදි දේ නම් සැතපුම් හතරක් (04) ගව් එකයි. ගව් හතරක් (04) යොදුන් එකකි.එසේනම් මෙතන සඳහන් වනුයේ එක් යොදුන් තුන් ගව්වක් යනුවෙනි. එනම් යොදුනට සැතපුම් දාහසයයි (16) තුන් ගව්වට සැතපුම් දොළහකි (12) එහෙනම් නිවැරදි සංඛ්‍යාව වනුයේ සැතපුම් විසි අටකි (28). දැන් ඔබට පැහැදිලිද , මේ පෘථිවියේ පාශාන තට්ටුව අඟලක ප්‍රමාණය වර්ධනය වීමට ගත වන කාලය වසර දහසකි. එලෙස මේ පෘතුවියේ පාශාන තට්ටුව එක් යොදුන් තුන් ගව්වක්, ඒ කියන්නේ සැතපුම් විසි අටක් වර්ධනය වීමට යන කාලය තමයි #_අන්තක්කල්පය ලෙස ඉතිහාසය පෙන්වා දෙනුයේ. මම මුලින්ම පැවසු අයුරින් ඔබට මහා සම්මත මනු රජ පිළිබඳව සහ අන්තක්කල්පය පිළිබඳව දැන් අවබෝධ වී ඇතැයි විශ්වාස කරනවා.තව දුරටත් ඔබට පැහැදිලි ඇති,ඒ කියන්නේ #_අන්තක්කල්පයෙහි_පූර්වයෙහි එහෙමත් නැත්නම් අන්තක්කල්පය මුලදී පහල වූ ලෝක මානව සංහතියේ ප්‍රථම රජු තමයි,#_මහා_සම්මත_මනු_රජ කියන්නේ...

          ඔබට තව දුරටත් මහා සම්මත මනු රජතුමා පිළිබඳව පැහැදිලි කරන්නම්.අප ඉතිහාසය ගැඹුරින් සොයා බලන විට #_තවත් මහා සම්මත මනු රජ වරුන් පිළිබඳව තොරතුරු දැනගන්නට ලැබෙන්න ඉඩ තියනවා....ඔබට එලෙස කිනම් තොරතුරු හම්බ උනත් මම මේ කියන තොරතුරු වලට අනිවාර්යයෙන්ම නෑකම් තියනවා.ඔබට මම පැහැදිලි කරන්නම්.මම මේ පවසන මහා සම්මත මනු රජ පිලිබදව තොරතුරු වලට ලඟින් ගියත්,නමුත් මේ තොරතුරු වලට වෙනස් කතා පෘවෘතියක් සමඟ ඔබට මහා සම්මත මනු රජ ගැන හෝ මහා සම්මත මනු තවත් අය ගැන එක එක තොරතුරු ලැබෙන්නට ඉඩ ඇත. එසේ උවහොත් ඔබ එදාට මම විසින් පවසන ලද මහා සම්මත මනු රජුන් පැවසූයේ බොරු යැයි කියා සිතෙන්නට ඉඩ ඇත.ඒ නිසා මම ඒ ගැනත් තව දුරටත් පැහැදිලි කරන්නම්.මතක තබා ගන්න #මා_විසින්_මේ_පැවසූයේ මානව සංහතියේ පළමු රජුන් පිළිබඳව බව,දැන් ඔබට තවත් ආකාරයකට අදහසක් එන්නට ඉඩ ඇත ඒ තමයි මා විසින් මේ තොරතුරු හෙලි කලේ #_මහා බ්‍රහ්මයාගේ පුත්‍ර රත්නය විදියට පහල වූ මහා සම්මත මනු රජු පිළිබඳව නම් ඔබලාට තවත් මහා සම්මත මනු රජවරුන් පිළිබඳව වෙනස් හෝ සමාන තොරතුරු ලැබෙනුයේ කෙලෙසද යන්න.එසේ අතරමගින් තවත් මහා සම්මත මනු රජවරුන්ගේ තොරතුරු ලැබෙන්නේ කෙලෙසද ?.හොදයි එයත් මම පැහැදිලි කරන්නම්.#_ඒකට_හේතුව තමයි ඉතිහාස මූලාශ්‍ර ඉතා පැහැදිලිව පෙන්වා දෙනවා මහා සම්මත මනු රජු යනු,ඔහු මේ ලෝකයේ පලමු රජු බව සත්‍ය වුවද,මනු නමින් රජ වූ මහා සම්මත #_පරම්පරාවේ මනු රාජකීය පෙළපතෙහි මහා සම්මත මනුට අමතරව තවත් #දහතුන් (13) දෙනෙකු සිටිනවා. එතකොට මනුරාජ පෙළපත #දාහතර (14) දෙනෙකුගෙන් සමන්විත වෙනවා.එතකොට ඔබට ඉතිහාසයේ තවත් මනු රජ වරුන් පිළිබඳව තොරතුරු ලැබුනේනම්, දැන් ඔබට පැහැදිලිද ඒ තමයි අර මම කිව්ව මනු රාජ පෙළපතෙහි ඉතිරි දහතුන් දෙනාගෙන් කෙනෙකුගේ විය හැකි බව.මන්ද ඔවුන් සියල්ල රජ වූයේ මනු නමින් නිසාය....

          ඔබට ඔබ නොදන්නා තවත් කාරණයක් මා විසින් මතු කරන්නම්,ඒ තමයි ඔබට මෙතරම් වෙලාවක් පැහැදිලි කරපු මානව සංහතියේ පළමු රජු ලෙස මහා සම්මත මනු රජ ලෙස හැඳින්වූ කෙනාගේ නම තමයි, #ස්වයංබුව,එසේම අනෙකුත් දහතුන් දෙනාගේද නම් මම ඔබට ඉදිරි පත් කරන්නම්.,පිලිවලින් දහ හතර දෙනාගෙම නම් තමයි මේ....

01 ස්වයංබුව 
02 ස්වාරෝවිෂ 
03 ඖත්තම 
04 තාමස 
05 රෛවත 
06 චක්ෂුස 
07 වෛවස්වත 
08 සාවර්ණ 
09 දක්ෂ සාවර්ණ 
10 බ්‍රහ්ම සාවර්ණ 
11 ධර්ම සාවර්ණ 
12 රෞද්‍ර සාවර්ණ හෙවත් රුද්‍ර සාවර්ණ 
13 රෞච්ය 
14 භෞත්ය 

          ඔන්න ඔය කී දාහත දෙනා තමයි මනු රාජ පරම්පරාවේ මනු නමින් රජ වෙලා තියෙන්නේ..මේ දාහතර දෙනාගෙන් යම් යම් අය තමයි ඉතිහාසයේ යම් යම් තැන් වලින් අපට තොරතුරු හමුවන්නේ....දැන් ඔබට පැහැදිලි ඇති කියලා හිතනවා.ඒත් එක්කම මම ඔබට තවත් දෙයක් පහදන්නම්. ඒ තමයි මනු රජ කෙනෙකුගේ රාජ්‍ය කාලය තමයි #_මන්වන්තරයක් කියලා සඳහන් වන්නේ....#මන්වන්තරයක් යනු,වසර #_හතලිස්_තුන්_ලක්ෂ_විසිදහසකි. ඒ කියන්නේ ඔබට පැහැදිලි ද මනු රජ කෙනෙකු රජ කරපු කාලය තමයි අවුරුදු හතලිස් තුන් ලක්ෂ විසි දහසක් පමණ,ඔබ සිතන්න එතකොට රජ කරන කාලය එතරම් නම් ඔහුගේ #_පරමායුෂ ඊට වඩා කොතරම් වැඩි ඇති ද ? රජ කරනවනම් එතරම් කාලයක් ඔහු කොතෙකුත් කාලයක් ජීවත් වන්නට ඇති ද ? අපි අද රටේ ජනාධිපති කෙනෙකුන් ගමු, ඕනිනම් උපරිම ජනාධිපති කම් කරාවි අවුරුදු 20 ක් වගේ..අන්න ඒ වගේ අවුරුදු හතලිස් තුන් ලක්ෂ විසි දහසක් කියන්නේ රජ කම් කරපු වසර ගාන, අද ජනාධිපති කෙනෙකු ඕන්නම් අවුරුදු 100 ජීවත් වේවී,අද ජීවත් වෙන හැම භනුස්සයම උපරිම ඒ වගේ වසර සංඛ්‍යාවක්නේ ජීවත් වන්නේ...අන්න එහෙනම් එකල හතලිස් තුන් ලක්ෂ විසි දහසක් රජ කම් කරපු කෙනා කොතරම් කල් ජීවත් වෙනවා ඇති ද ? ඒ වගේම බොහොම පැහැදිලිව #_රාජාවලියේද සඳහන් වෙනවා,#_මනු_රජ_වරුන්ගෙන්_පසුව රජ වූ රජවරුන් වසර අසංඛ්‍යයික් ජීවත් උනා කියලා.

          එසේනම් මම පොරොන්දු වූ පරිදි ඉතිහාසයේ ආරම්භය වූ මහා සම්මත මනු රජ පිළිබඳව කොටස මෙසේ අවසන් කරනවා ඔබ ගොඩක් දේ දැනුවත් වෙන්න ඇති කියලත් හිතනවා.එසේම අවසාන වශයෙන් මම ඔබට යෝජනාවක් කරනවා ඒ තමයි අපගේ ඉතිහාසයේ ආරම්භය විජය කුමාරයා එහෙමත් නැත්නම් විජය රජුගෙන් ආරම්භ වූවක් නොවන වග සහ එහෙම හිතන අයට අපගේ ඉතිහාසය පිළිබඳව තව තවත් අධ්‍යනය කරන ලෙසත් යෝජනා කරනවා.මමත් මට පුලුවන් ආකාරයට සොයා ගන්න කරුණු එක්ක ඔබට කාලය ලැබෙන අයුරින් ඉදිරිපත් කරන්නම්.මට අවැසි වූයේ මෙම මූලික දේවල් ටික ඔබට දීමටයි.සමහරවිට ඔබට තර්ක විතරක් බොහොමයක් ඇත.අන්න ඒවා පිළිබඳව සොයා බලන එක තමයි ඉතිහාසය ඉගෙනගන්නවා කියන්නේ.මට ඔබට දෙන්න අවශ්‍ය වූ මූලික කරුණු ටික දුන්නා කියලා මම හිතනවා.මින් ඉදිරියට සාමාන්‍ය පිටුවක් ආකාරයට මම මේ පිටුව කරගෙන යනවා වගේම සොයාගන්නා තොරතුරු වලට අනුව පළකිරීම් සිදු කරන්නම්.

කියවන අය කමෙන්ට් එකක් දාන්න,ලයික් කරන්න.පිටුවට අසභ්‍ය අදහස් දාලා වැසිකිලියක් කරන්න එපා.එහෙම වැසිකිලි ඕනි තරම් තියනවා ටීක් ටොක් වගේ දේවල්.....මේ page එක මම fan page එකක් වගේම ඉතිහාසය ගැන තොරතුරු හෙලිකීරීමට යොදාගන්න page එකක්.මොකද වැදගත් කියලා හිතන නිසා තොරතුරු ඉදිරිපත් කරන්නේ...විනීතව හැසිරෙන්න, ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්න.අද ඉදන් සාමාන්‍ය පේජ් එකක් විදිහට කරගෙන යන අතර සොයා ගන්නා තොරතුරු අනුව ඉතිහාස කාරණා ගැන පෝස්ට් දාන්නම්.එහෙනම් තවත් පෝස්ට් එකකින් හමුවෙමු. 

Caption don't copy 
විකෘති කරන්න එපා.අදහස් වෙනස් විය හැක.
කොහොමවත් කොපි නොකර ඉන්න තරම් කාරුණික වන්න.

හැමෝටම.‌॰॥ තෙරුවන් සරණයි.! ॥॰🌿🌸

                          
AGT keshara official's~ 🌿✍🌸😻

Popular posts from this blog

පැහැදිලි කිරීමක්.👑♥️